වෙනිසියුලාවේ තෙල් අපනයනය වසර 7කට පසු ඉහළම අගයට
May 3, 2026 04:08 pm
අමෙරිකාව, ඉන්දියාව සහ යුරෝපය වෙත නැව්ගත කිරීම් වේගවත් කිරීමත් සමග වෙනිසියුලාවේ තෙල් අපනයනය පසුගිය අප්‍රේල් මාසයේදී දිනකට බැරල් මිලියන 1.23ක් දක්වා ඉහළගොස් තිබේ.
එය වසර 7කට පසු එනම්, 2018න් පසු ඉහළම අගය බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.
වෙනිසියුලානු රජයට අයත් ප්‍රධාන තෙල් සහ ස්වභාවික වායු සමාගමේ (PDVSA) නැව්ගත කිරීමේ දත්ත සහ ලේඛනවලට අනුව, මාර්තු මාසයේ පැවති මට්ටමට සාපේක්ෂව ඔවුන්ගේ ඉන්ධන අපනයනය 14%කින් ඉහළ ගොස් ඇත.
එම දත්ත අනුව මාර්තු මාසයේ දී ඉන්ධන රැගත් නෞකා 61ක් වෙනිසියුලාවෙන් පිටව ගොස් ඇති අතර, එය අප්‍රේල් මාසයේ දී එය නෞකා 66ක් දක්වා වැඩි වී තිබේ.
ඉකුත් ජනවාරි මාසයේ අමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් අනතුරුව, අන්තර්කාලීන රජයක් වෙනිසියුලාව තුළ පිහිටවනු ලැබීය.
ඒ හේතුවෙන් වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කර, තෙල් සම්පතද අමෙරිකානු පාලනයට නතුකරගෙන ඇත.
මේ වනවිට අමෙරිකාවට, යුරෝපයට මෙන්ම ආසියානු වෙළඳපොළට වෙනිසියුලානු ඉන්ධන අපනයන ප්‍රවේශය විවෘත වී තිබේ.
කෙසේ නමුත් මේ සමග අමෙරිකාව ලැබෙන තෙල් සංචිත යළිත් ඉහළ යමින් පවතින බවත්, අමෙරිකානු සමාගම් දැනටමත් ගල්ෆ් කලාපීය පිරිපහදුවලට වෙනිසියුලානු බොර තෙල් රැගෙන යන බවත් විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.
